මගේ සිතුවිලි

කිසිවක් සිදු නොකලෙම්ද
ඔතරම් වදන් අසන්නට
හිත පාරනා මගේ
වරදක් සිදු වුනිද ඔබ හට

සියල්ල ඔබ වෙනුවෙනි
මගෙ හුස්ම පොද මෙන්ම
සලකන්නට ඔය ලෙස
නොවටීද අද මා ඔබට

පාලුව තනිකම හුදකලාව
මගෙ හද වෙලන විට
ඔබ සිහි වනවා මෙමට
ඔබ නොමැත අද මා ලඟ

හිත දුර ඉගිලෙනවා
ඔබෙ සෙනෙහෙ සොයනවා
සොඳුරු වදන් නොඇසී යනවා
මගේ හිත නොහඬා හඬනවා

එන්න කුමරිය මා ලොව
අසුන් ගන්නට මා හද තුල
ඉඩ ඇත තවමත් ඔබ වෙත
නොමැත ඉඩක් වෙන කිසිවකුට

රලු වදන් ඔබෙ හද පාරනා
දරන්නට බැරිය ගෙනදෙයි වේදනා
සනසන්නට මගෙ හද හඬනා
ඔබ එන්නෙ නැතුවාද මංදා

කදුලු ඉකි බිඳිනා හද තුල
ඉල්ලයි මොරගා ඔබෙ ආදරය
කෙසේ පවසන්නද හදට
ඔබ තවම නොපැමිනි වග

රැලි බිඳෙනවා සයුරේ දුට්මි
හද හඬනවා ඇතුලෙන් ඇසුනි
හිරු ගිලෙනවා කාටත් නොදැනි
තනිකම දැනෙනවා කව්රුත් නොමැති

නවතන්නට මේ දුක් සසර
මගක් නොමැතිද මේ ලොවට
ඇත්නම් මගක් ඔබ දන්න
මටත් පවසන්න යම් දිනක ඔන්න

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට