සිතා බලන්නට
කාලය දිව ගියා නොසිතූ විලස
ආලය මෝරා ඇත අපිටත් නොදැන
නොයෙකුත් දුක් කරදර බාධක අතර
ගත කල කාලය මිහිරිය නිතර
පෙන්වා දුන් මඟ නොමඟ
යනෙන එක බාරයි ඔබට
නික්මෙන්නට පෙර නැවත
සිතා බලනු මැන නිසැක
ඔබ ගැන නොසිතා
ගත කල මොහොතක් නොමැතා
කෙදිනක හෝ ඔබ යනෙනා
මඟ හිඳිනෙමි මම රකිනා
රිදුනත් මා හද ඔබේ බසින්
බැහැ රිදවන්නට ඔබ එලෙසින්
දැනුනද දුකක් හද පත්ලින්
ඉවසා සිටිමි ඔබ වෙනුවෙන්
Comments
Post a Comment