නොමියෙනා මගේ ආදරය
අපි කවදහරි වෙන්වෙයි...මං නිසා ඔයා කවදාවත් ඔයාගේ පොරොන්දු කඩ කරන්න ඕනේ නෑ..ආදරේ කඩවුනු පොරොන්දුවක් උනාට ඔයා මගෙ ජීවිතේ...ඒ නිසා ඒ පොරොන්දුව කවදාවත් කඩවෙන එකක් නෙවෙයි..ඔයා යන්න..ගිහින් ලස්සන පවුලක් හදන්න..ඔයා හොඳ බිරිඳක් වගේම ගොඩාක් හොඳ අම්මා කෙනෙක් වෙන එක මට විශ්වාසයි..කවදාවත් ඔයා ගැන තරහක් වෛරයක් නෑ මං ගාව..මොකද මම මුලු හදවතින්ම ඔයාට ආදරේ කලා..තවමත් කරනවා..ඔයා යද්දී මගේ හදවතත් අරගෙනයි ගියේ .මම දවසක මේ සමාජයේ හොඳ තැනක ඉඳීවි..මට හැමදේම තියේවි, ඒත් එක දෙයක අඩුව මට හැමදාමත් දැනේවි...ඒ ඔයා නැති අඩුව..ඔයාට මගෙ හදවත දුන්න නිසා වෙන කෙනෙක්ට දෙන්න හදවතක් මං ගාව නෑ.මගේ සතුට කවදහරි අහිංසක මිනිස්සු...එයාලත් එක්ක මගෙ ජීවිතේ ගෙවිලා යාවි, අවසාන මොහොත වෙනකන්ම..ඒත් මගෙ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති දෙයක් තියෙනවානම් ඒ ඔයා...සතුටින් ඉන්න හැමදාම..මගේ ආශිර්වාදය හැමදාම ඔයාට තියෙනවා..බුදු සරණයි ...
Comments
Post a Comment