සමාවෙන්න මට

මම කියන සමහර දේවල් වලට ඔයාගේ හිත රිදෙනවා ඇති..මම දන්නවා..මට සමාවෙන්න..එහෙම වෙන්නේ මම ඔයාට ගොඩක් ආදරේ නිසයි..මට මගෙ දුක නැති කරගන්න වෙන කවුරු එක්ක කතා කරන්නද..තමන්ගේ දෙයක් ඈත් වෙද්දි බලන් ඉන්න පුලුවන් කාටද.හ්ම්...දුකයි මට ...ඔයාට තේරෙන්නේ නෑ..අද ඔයා මෙතන හිටියනම් ඔයා මටත් වඩා පිස්සුවෙන් කියවනවා...ඒ තරහට නෙවෙයි..ආදරේ වැඩි කමට..හිතන්න...මේ උන හැම දෙයක්ම මගේ අතින් ඔයාට උනොත්??ඔයා මොනවා කරයිද කියලා..සමාවෙන්න මට දහස් වාරයක්..ටික දවසක් දෙන්න මගේ හිත හදාගන්න..කැඩුන හිතක් ඉක්මනට හදාගන්න අමාරුයි..ඔයාගේ වරදක් නෑ..ඔයා කියන්නේ ඇත්තෙ වෙන්න පුලුවන් , ඒත් නිකමට හිතන්න අද මම ඉන්න තැන ඔයා හිටියනම් කියලා...මම නොහඬා අඬනවා...ඔයා හිතන්නේ මම තරහින් කියලා..නෑ, තරහට වඩා මට අඬන්න බැරි එකයි තියෙන්නේ..සමාවෙන්න...දෙන්න මට ටික දවසක්

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට