ඉතින්..ආදරය කියන දේ නවතින්නේ නෑ වගේම තමයි ආදරය පවතිනා තුරු ජීවිතේ සතුටද නැති වෙන්නේ නෑ...මේ කවිය ඒ ආදරයේ විරහව සංවේදි සිතින් හිතන අයටයි


මගේ ආදරය

නෙතක් නිදි නොලබා රැයක්....
උදා වන විටදි නව දිනක්....
උපදින නමුදු නැවුම් හැඟුමක්...
මට නොවේ එය සෙතක්...

හදවත ඇත අතරමන් වී.
පෙමක් ඇත හෙවනක් වී...
හදක් ඇත ඈතකට වී...
නිමක් නැත සිත දුක් වී...

ඇසෙනා විටදි ඒ පිය වදන්...
මුලු හදම සලිත වෙයි පුරවා සවන්...
අගනේය ඔබ මා හට රුවන්...
අසරණ මෙමට නොමැත වරම්...

                                  - කවිකාර කවියා

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට