මේක කවියක් නෙවෙයි..හැබැයි කවියක් වගේ කතාවක්..ජීවිතේ අපිට මේ වගේ සංවේදී වෙන්න පුලුවන්නම් ..මම හිතන්නේ ලංකාව ලෝකේ තියෙන උතුම්ම රට වේවි

කොළඹ කුරුණෑගල බස් එක.පුන්චි පුතෙක් වඩාගෙන තාත්තා කෙනෙක් බස් එකට ගොඩවුනා.මල්ලී පුතාට ටිකක් ඉඳගන්න දෙනවද, අපි බහිනකොට ආපහු දෙන්නම්, මම බැලුව බහිද්දි කොහොමත් දෙනවනෙ කියලා, මගෙ යාලුවා නැගිටලා ඉඩ දුන්නා, අර පුන්චි පුතාව වාඩි කරපු තාත්තා එයාගෙ මල්ලෙන් රබානක් අර ගත්තා, එතකොට මට තේරුනා....ඒ මනුස්සයා තාත්තා ගැන ලියැවුනු ලස්සන සින්දු ටිකක් කියන අතරේ පොඩි එකා මගෙ ඇඟට නිදි කිරා වැටුනා, සින්දුත් එක්ක මගේ මතකෙත් ඈතට ඇදිලා ගියා, මේ තාත්තා මෙච්චර මහන්සි වෙන්නේ තමන්ගේ පුතා ජීවත් කරවන්න නේද කියලා,අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තාත්තලා එහෙමයි...මම පර්ස් එක එලියට ගත්තා, මමත් මහ ලොකු සල්ලි තියෙන මනුස්සයෙක් නෙවෙයිනේ, පර්ස් එක දිහා බැලුවා, තියෙන්නෙ 500 කොලයක්..මොනවා කරන්නද, මගේ හිතට ගොඩක් ලොකු දුකක් දැනුනා මේ තාත්තට කීයක්වත් දෙන්න බැරි උන එක ගැන...ළමයත් අරගෙන තාත්තා බැහැලා යන දිහා මම බලාගෙන හිටියා....වතුරෙන් ඉපදෙන ලුනු වතුරෙන්මනේ දියවෙන්නේ කියලා මට ඒ වෙලාවෙ හිතුනේ ඇයි කියලා මට ටික වෙලාවකට පස්සෙයි තේරුනේ.

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට