අපි හැමෝම හැම වෙලේම හොයන දෙයක් තමයි ආදරය..මොකක්ද මේ ආදරය..මොනවටද අපි ආදරේ කරන්නේ...එහෙම ඇහුවොත් අපිට කියන්න දෙයක් තියෙනවාද?

ඇත්ත කතාව තමයි අපිට මුලින්ම ඇති වෙන්නේ ආසාවක්..ඊට පස්සෙ තමයි අපි ඒ ආසාව ඇති උන කෙනත් එක්ක කතා බහ කරද්දී ආදරයක් බවට ඒක පෙරලෙන්නේ..ඉතින්..මේ ආදරයේ මූලාරම්භයේදීම ගොඩක් අය කරන ලොකූ වැරැද්දක් තියෙනවා..ඒක තමයි තමන්ගේ ඇත්ත ස්වරූපය හංගන එක..තමන්ට තරහ ගියානම් ඒ බව පෙනවන්න ඕනේ..තමන්ට දුක හිතුනනම් ඒ බවත් පෙන්නන්න ඕනේ..එතකොට තමයි අපි ආදරය කරන කෙනාට අපි කවුද කියලා හරියටම අඳුරගන්න පුලුවන් ..එතකොට ඔය ගොඩක් තැන් වල ඇහෙන, ඔයා දැන් ඉස්සර වගේ නෑ..ඉක්මනට තරහා යනවා වගේ කතා ඇහෙන එකක් නෑ..ඒක දෙන්නාටම හොඳක් කියලයි මමනම් හිතන්නේ..මොකද එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැති ආදරයකින් වැඩක් නෑ..හදිසි අවස්ථාවක දුරකථනය නාද උනාම අපි ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අනිත් පාර්ශවයට තරහ යන්නෙත් ඒ හේතුව නිසාමයි.අපිට ඒ වෙලාවට හිතන්න පුලුවන්නම් "මෙයා ලොකු වැඩක් ඇත්තේ..වැඩේ ඉවර වෙලා ගනීවි" කියලා ඒක ලොකු දෙයක්..ඒ වගේම ඒක ඒ දුරකථනය නාද වෙන කෙනාටත් සහනයක්..මොකද සමහරවිට ඔහු හෝ ඇය ලොකු වැඩක ඉන්න පුලුවන් නිසා..ආදර කරද්දි එකිනෙකාගේ නිදහසත් හරිම වැදගත්..එහෙම නිදහසක් ඇත්තටම ඇති වෙන්නනම් මම අර කලින් කියපු අවබෝධය ඕනෙමයි..එහෙම උනාම ඇයි ඔයා අරය එක්ක ගියේ, ඇයි ඔයා අරගොල්ලො එක්ක ෆොටෝ ගැහුවේ..මං කිව්වොත් තමයි එන්න බැරි වගේ කතා ඇහෙන එකක් නෑ..වැදගත්ම දේ තමයි..ආදරය දුරකථනය මත රැඳුන දෙයක් නෙවෙයි..දුරකතනය ඔයාගේ ආදරේ කරගන්න එපා..එහෙම උනොත් ඔයාගේ මුලු ජීවිතේම සිග්නල් යන එන දුරකථනයක්ම වේවි..ඉතින්..දැන් යන්නම් මම..පස්සෙ ආයෙත් එන්නම් ආදරේ හොයාගෙන..ඔයාලා හැමෝගෙම..බුදු සරණයි ...

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට