නින්ද නැති රැයේ

නිදා ගන්න ගොඩක් උත්සාහ කලත් නිදා ගන්න බැහැ මට...කඳුලු නැති වෙන තරමටම මගේ ඇස් වේළිලා ගිහින් ඇහැරගෙන ඉඳලම..ඔන්න ඔය වෙලාවෙදි හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහන් හිටපු මට ගුණදාස කපුගේ මහත්තයා කියපු නින්ද නැති රැයේ ගීතය ඇහුනා.

මගෙ මුලු හදවතම කඩාගෙන ගියා වගේ හැඟීමක් මගේ හදවතට දැනුනා..අනේ මමත් මේ වගේමයි නේද...මම ඔයාට ආදරේ කලේ ඔයාව මට නොලැබෙන බව දැන දැනම.ඒත් ඔයාව අත අරින්න මට කිසිම හේතුවක් තිබුනේ නෑ..ඔයාගේ වෙලාව ආවම ඔයාට මාව දාලා යන්න පුලුවන් .මම එදාට ඔයාව නවත්තන්නේ නෑ, ඔයා යන්නේ කැමැත්තෙන් නෙවෙයි කියන දේ මම හොඳටම දන්නවා.ඒ උනත් අපි දෙන්නා අපේ වෙනකොටම වෙන් වෙන එකත් තීරනය වෙලා ඉවරයි..ඒකයි අපේ කතාවෙ තියෙන වෙනස.ඒ දැන දැනත් අපි ගොඩක් ආදරය කලා.ආදරය කිව්වට එතන තිබුනේ ඊට වඩා එහා ගියපු දෙයක්..එකිනෙකාව තේරුම් ගැනීම...අපේ ජීවිතය අපිටම සරදම් කරද්දි අපි, අපි දෙන්නට සරදම් කර කර හිතේ තියෙන දුක හැංගුවා..සමහර වෙලාවට ඒ දුක මගෙන් එලියට පනිද්දි ඔයාට උත්තර නැති උනා වගේම මටත් ඊලඟට මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි වෙනවා.ඒ වෙලාවට ඔයාගේ හිත හැදෙන්න වෙන මොනවා හරි ඇදගෙන කතා කරන්නේ මගේ හදවතේ තියෙන දුක ගොඩක් හිර කරගෙන.මගේ දුකට වඩා ඔයාගේ සතුට මට වටින නිසා.මම දන්නවා, මගෙ මුලු ජීවිතේම දුකින් පිරුන එකක් කියලා, කවදහරි ඔයාත් මාව දාලා යනවා ඔයාගෙම කූඩුවක් හදාගෙන..මම ඉබාගාතේ පියාඹන අසරණ කුරුල්ලෙක් එතකොට.ඒත් මට දුකක් නැහැ, මට අවසර දෙන්න..පියාඹලා යන්න ඈතට..ඔයාට කවදහරි මාව මුන ගැහේවි..එදාටත් මම මේ විදිහටම බලන් ඉන්නවා...ඔයාගේ මතකයත් එක්ක.

මේ ලෝකේ මෙහෙම උන පලවෙනි ආදරවන්තයෝ අපි නොවෙන්න ඇති..ඒ වගේම අවසාන අයත් අපි වෙන එකක් නෑ...ඉතින්...අවසරයි මගේ පුංචි කුමාරියේ...ආයෙත් අපි අපේම වෙමු...නැවත එක ආත්මයක...අපේම වෙන්න..

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට