සැබෑ ආදරේ කියන්නේ මොකක්ද?? ඔයාගෙන් ඇහුවොත් උත්තරයක් තියෙනවද??මම මෙහෙම කියන්නම්

හිතන්න ඔයා ලොකු බඩ ඉරිඟු වත්තකට යනවා කියලා...හැබැයි ඔයාට කොන්දේසි දෙකක් තියෙනවා,

1. ආපහු හැරිලා ආපස්සට එන්න බැහැ
2.එක පාරයි දෙන්නේ බඩ ඉරිඟු එක කරලක් කඩාගන්න ඕනෙ.

දැන් හිතන්න ඔයා ඉස්සරහට ඇවිදගෙන යනවා කියලා...ඔහොම යද්දි ඔයාට පලවෙනි බඩ ඉරිඟු තීරුව හම්බවෙනවා..ඔයා තව ඉස්සරහට යනවා..යද්දි කලින් ඒවට වඩා ටිකක් ලොකු බඩ ඉරිඟු තීරුවක් හම්බවෙනවා..ඔයා ඒකත් පහු කරන් යනවා..ටික දුරක් යද්දි තවත් කලින්ට වඩා ලොකු බඩ ඉරිඟු තීරුවක් තියෙනවා, ඔයා ඒකෙන් කරලක් කඩා ගන්නත් හදලා ආයෙත් ඉස්සරහට යනවා..තව ලොකු එකක් කඩාගන්න...ඔහොම ඉස්සරහට යද්දි ඔයාට බඩ ඉරිඟු තීරුවක් හම්බෙනවා..හැබැයි කලින් ඒවට වඩා පොඩියි...ඔයා තව ටිකක් ඉස්සරහට යනවා..එන්න එන්න බඩ ඉරිඟු පොඩි වෙනවා..අන්තිමට ඔයා ගොඩක් දුකෙන් පොඩි බඩ ඉරිඟු කරලක් කඩාගෙන එලියට යනවා...
ඔයා දන්නවද, ඔයාට මුණ ගැහුන ඔයා කඩාගන්න ගිහින් ඊට වඩා ලොකු කරලක් කඩාගන්න කියලා හිතාගෙන අත ඇරපු බඩ ඉරිඟු කරල තමයි හැබෑ ආදරේ කියන්නේ...
ජීවිතේ සමහර අවස්ථා වලදි අපිට මේ වගේ කතා අහන්න ලැබෙනවා..තමන්ට ගොඩක් ආදරේ කරන අයව අත ඇරලා ඊට වඩා දේවල් හොයාගෙන තවත් අය ගාවට ගිහින් අන්තිමට තමන්ගේ ජීවිතේ නාස්ති කරගන්න අය ගැන..හැබැයි මොනවා උනත් නොගැලපීම් තියෙනවනම් කතා බහ කරලා විසඳගන්න උත්සාහ කරන්න ඕනේ..එහෙමත් බැරිනම් ඉතින් දුරස් වෙලා ඉන්න එක හොඳයි මම හිතන විදිහට..ඒක දෙන්නටම හොඳයි

Comments

Popular posts from this blog

ආදරෙයි ඔයාට හැමදාමත්

නොමියෙනා මගේ ආදරය

සිතා බලන්නට