Posts

Showing posts from February, 2016

සමාවෙන්න මට

මම කියන සමහර දේවල් වලට ඔයාගේ හිත රිදෙනවා ඇති..මම දන්නවා..මට සමාවෙන්න..එහෙම වෙන්නේ මම ඔයාට ගොඩක් ආදරේ නිසයි..මට මගෙ දුක නැති කරගන්න වෙන කවුරු එක්ක කතා කරන්නද..තමන්ගේ දෙයක් ඈත් ...

මගේ ප්‍රේමය

ඔබ දුටු ඒ මුල්ම දිනේ සිත ඇදුනා ඔබට නගේ අර ගන්නට දෑත ඔබේ මම කල පින් මදිද අනේ කාලය දිව ගියා විගසේ ඔබ මා ලං උනේ රහසේ නොදැනීම වෙන් වන්නට ආයේ කාලය එළැඹ ඇත සසරේ යනවා ඔබ මාගෙන් ඉගිල...

නින්ද නැති රැයේ

නිදා ගන්න ගොඩක් උත්සාහ කලත් නිදා ගන්න බැහැ මට...කඳුලු නැති වෙන තරමටම මගේ ඇස් වේළිලා ගිහින් ඇහැරගෙන ඉඳලම..ඔන්න ඔය වෙලාවෙදි හෑන්ඩ්ස් ෆ්‍රී එක කනේ ගහන් හිටපු මට ගුණදාස කපුගේ ම...

නොමියෙනා මගේ ආදරය

අපි කවදහරි වෙන්වෙයි...මං නිසා ඔයා කවදාවත් ඔයාගේ පොරොන්දු කඩ කරන්න ඕනේ නෑ..ආදරේ කඩවුනු පොරොන්දුවක් උනාට ඔයා මගෙ ජීවිතේ...ඒ නිසා ඒ පොරොන්දුව කවදාවත් කඩවෙන එකක් නෙවෙයි..ඔයා යන්...

ආදරෙයි ඔයාට හැමදාමත්

ලස්සන හීන ගොඩක් මවාගෙන මම ඔයාට ආදරේ කලා අදත් මට එදා වගේ මතකයි..ඔයා වෙන්වෙලා ගිය දවසෙ මට මගෙ මුලු ලෝකෙම නැති උනා කියලා හිතුනත් එහෙම නෑ..ඔයාගේ මතකයන් මාව හැමදාම ජීවත් කලා, අපි ...

මම තරහයි.... නෑ...මම ආදරෙයි...

මම සමහර වෙලාවට ඔයත් එක්ක තරහා වෙන්නේ ඇත්තටම කියලා ඔයාට හිතුනනම් මම ඒකට ආසයි..මොකද එතකොට මට දැනෙනවා ඔයා මට කොච්චර ආදරේද කියලා...එක දිගට මිස් කෝල් මැසේජ් එද්දී හිතේ කොනක තිබු...

සැබෑ ආදරේ කියන්නේ මොකක්ද?? ඔයාගෙන් ඇහුවොත් උත්තරයක් තියෙනවද??මම මෙහෙම කියන්නම්

හිතන්න ඔයා ලොකු බඩ ඉරිඟු වත්තකට යනවා කියලා...හැබැයි ඔයාට කොන්දේසි දෙකක් තියෙනවා, 1. ආපහු හැරිලා ආපස්සට එන්න බැහැ 2.එක පාරයි දෙන්නේ බඩ ඉරිඟු එක කරලක් කඩාගන්න ඕනෙ. දැන් හිතන්න ඔයා ඉස්සරහට ඇවිදගෙන යනවා කියලා...ඔහොම යද්දි ඔයාට පලවෙනි බඩ ඉරිඟු තීරුව හම්බවෙනවා..ඔයා තව ඉස්සරහට යනවා..යද්දි කලින් ඒවට වඩා ටිකක් ලොකු බඩ ඉරිඟු තීරුවක් හම්බවෙනවා..ඔයා ඒකත් පහු කරන් යනවා..ටික දුරක් යද්දි තවත් කලින්ට වඩා ලොකු බඩ ඉරිඟු තීරුවක් තියෙනවා, ඔයා ඒකෙන් කරලක් කඩා ගන්නත් හදලා ආයෙත් ඉස්සරහට යනවා..තව ලොකු එකක් කඩාගන්න...ඔහොම ඉස්සරහට යද්දි ඔයාට බඩ ඉරිඟු තීරුවක් හම්බෙනවා..හැබැයි කලින් ඒවට වඩා පොඩියි...ඔයා තව ටිකක් ඉස්සරහට යනවා..එන්න එන්න බඩ ඉරිඟු පොඩි වෙනවා..අන්තිමට ඔයා ගොඩක් දුකෙන් පොඩි බඩ ඉරිඟු කරලක් කඩාගෙන එලියට යනවා... ඔයා දන්නවද, ඔයාට මුණ ගැහුන ඔයා කඩාගන්න ගිහින් ඊට වඩා ලොකු කරලක් කඩාගන්න කියලා හිතාගෙන අත ඇරපු බඩ ඉරිඟු කරල තමයි හැබෑ ආදරේ කියන්නේ... ජීවිතේ සමහර අවස්ථා වලදි අපිට මේ වගේ කතා අහන්න ලැබෙනවා..තමන්ට ගොඩක් ආදරේ කරන අයව අත ඇරලා ඊට වඩා දේවල් හොයාගෙන තවත් අය ගාවට ගිහින් අන්තිමට තමන්ගේ ජීවිතේ නාස්ති...

අපි හැමෝම හැම වෙලේම හොයන දෙයක් තමයි ආදරය..මොකක්ද මේ ආදරය..මොනවටද අපි ආදරේ කරන්නේ...එහෙම ඇහුවොත් අපිට කියන්න දෙයක් තියෙනවාද?

ඇත්ත කතාව තමයි අපිට මුලින්ම ඇති වෙන්නේ ආසාවක්..ඊට පස්සෙ තමයි අපි ඒ ආසාව ඇති උන කෙනත් එක්ක කතා බහ කරද්දී ආදරයක් බවට ඒක පෙරලෙන්නේ..ඉතින්..මේ ආදරයේ මූලාරම්භයේදීම ගොඩක් අය කරන ලොකූ වැරැද්දක් තියෙනවා..ඒක තමයි තමන්ගේ ඇත්ත ස්වරූපය හංගන එක..තමන්ට තරහ ගියානම් ඒ බව පෙනවන්න ඕනේ..තමන්ට දුක හිතුනනම් ඒ බවත් පෙන්නන්න ඕනේ..එතකොට තමයි අපි ආදරය කරන කෙනාට අපි කවුද කියලා හරියටම අඳුරගන්න පුලුවන් ..එතකොට ඔය ගොඩක් තැන් වල ඇහෙන, ඔයා දැන් ඉස්සර වගේ නෑ..ඉක්මනට තරහා යනවා වගේ කතා ඇහෙන එකක් නෑ..ඒක දෙන්නාටම හොඳක් කියලයි මමනම් හිතන්නේ..මොකද එකිනෙකා අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැති ආදරයකින් වැඩක් නෑ..හදිසි අවස්ථාවක දුරකථනය නාද උනාම අපි ප්‍රතිචාර දැක්වුවේ නැත්නම් අනිත් පාර්ශවයට තරහ යන්නෙත් ඒ හේතුව නිසාමයි.අපිට ඒ වෙලාවට හිතන්න පුලුවන්නම් "මෙයා ලොකු වැඩක් ඇත්තේ..වැඩේ ඉවර වෙලා ගනීවි" කියලා ඒක ලොකු දෙයක්..ඒ වගේම ඒක ඒ දුරකථනය නාද වෙන කෙනාටත් සහනයක්..මොකද සමහරවිට ඔහු හෝ ඇය ලොකු වැඩක ඉන්න පුලුවන් නිසා..ආදර කරද්දි එකිනෙකාගේ නිදහසත් හරිම වැදගත්..එහෙම නිදහසක් ඇත්තටම ඇති වෙන්නනම් මම අර කලින් කියපු අවබෝධය ඕනෙමයි..එහෙම උනාම ...

මේක කවියක් නෙවෙයි..හැබැයි කවියක් වගේ කතාවක්..ජීවිතේ අපිට මේ වගේ සංවේදී වෙන්න පුලුවන්නම් ..මම හිතන්නේ ලංකාව ලෝකේ තියෙන උතුම්ම රට වේවි

කොළඹ කුරුණෑගල බස් එක.පුන්චි පුතෙක් වඩාගෙන තාත්තා කෙනෙක් බස් එකට ගොඩවුනා.මල්ලී පුතාට ටිකක් ඉඳගන්න දෙනවද, අපි බහිනකොට ආපහු දෙන්නම්, මම බැලුව බහිද්දි කොහොමත් දෙනවනෙ කියලා, මගෙ යාලුවා නැගිටලා ඉඩ දුන්නා, අර පුන්චි පුතාව වාඩි කරපු තාත්තා එයාගෙ මල්ලෙන් රබානක් අර ගත්තා, එතකොට මට තේරුනා....ඒ මනුස්සයා තාත්තා ගැන ලියැවුනු ලස්සන සින්දු ටිකක් කියන අතරේ පොඩි එකා මගෙ ඇඟට නිදි කිරා වැටුනා, සින්දුත් එක්ක මගේ මතකෙත් ඈතට ඇදිලා ගියා, මේ තාත්තා මෙච්චර මහන්සි වෙන්නේ තමන්ගේ පුතා ජීවත් කරවන්න නේද කියලා,අපි දැනුවත්ව හෝ නොදැනුවත්ව තාත්තලා එහෙමයි...මම පර්ස් එක එලියට ගත්තා, මමත් මහ ලොකු සල්ලි තියෙන මනුස්සයෙක් නෙවෙයිනේ, පර්ස් එක දිහා බැලුවා, තියෙන්නෙ 500 කොලයක්..මොනවා කරන්නද, මගේ හිතට ගොඩක් ලොකු දුකක් දැනුනා මේ තාත්තට කීයක්වත් දෙන්න බැරි උන එක ගැන...ළමයත් අරගෙන තාත්තා බැහැලා යන දිහා මම බලාගෙන හිටියා....වතුරෙන් ඉපදෙන ලුනු වතුරෙන්මනේ දියවෙන්නේ කියලා මට ඒ වෙලාවෙ හිතුනේ ඇයි කියලා මට ටික වෙලාවකට පස්සෙයි තේරුනේ.

ඉතින්..ආදරය කියන දේ නවතින්නේ නෑ වගේම තමයි ආදරය පවතිනා තුරු ජීවිතේ සතුටද නැති වෙන්නේ නෑ...මේ කවිය ඒ ආදරයේ විරහව සංවේදි සිතින් හිතන අයටයි

මගේ ආදරය නෙතක් නිදි නොලබා රැයක්.... උදා වන විටදි නව දිනක්.... උපදින නමුදු නැවුම් හැඟුමක්... මට නොවේ එය සෙතක්... හදවත ඇත අතරමන් වී. පෙමක් ඇත හෙවනක් වී... හදක් ඇත ඈතකට වී... නිමක් නැත සිත දුක් වී... ඇසෙනා විටදි ඒ පිය වදන්... මුලු හදම සලිත වෙයි පුරවා සවන්... අගනේය ඔබ මා හට රුවන්... අසරණ මෙමට නොමැත වරම්...                                   - කවිකාර කවියා

අපි හැමෝටම එක එක විදිහේ ආදර කතාවන් තියෙනවා..සමහරවිට මම දැන් කියන්න යන දේට ඔයත් මූන දීලා තියෙන්න පුලුවන්..ඒකෙන් දිනලා හෝ පරාද වෙලා තියෙන්නත් පුලුවන් ..ඉතින්..මේක මගේ පළවෙනි නිර්මාණය..හිතනවා ගොඩක් සාරථක ඇති කියලා..ඔයාලම බලන්නකෝ

Image